සරංගලය අරින්න ගිය තරුණයා අහසට…! විනාඩි 10ක සවාරියෙන් පසු මහ පොළොවට…!

December 22, 2021 at 10:04 am | by emanisa.lk

යාපනය‍-පේදුරුතුඩුව, පූලෝලි ප්‍රදේශයේ නටරාජා මහේන්ද්‍රන් සරුංගලයක් ගුවනට යැවීම සඳහා පසුගිය 18 වනදා ප්‍රදේශයේ වගා බිමකට ගියේ සිය මිත්‍රයන් ද සමගය.

සරුංගලය ගුවනට යැවීම සඳහා එම කඹය අල්ලා ගෙන සිටි මහේන්ද්‍රන් නොසිතු ලෙස උඩු ගුවනට යන අයුරු ජංගම දුරකතනයක පටිගත කර තිබිණි.

මෙම ත්‍රාසජනක සිදුවීමට මුහුණ දුන් තරුණයා විනාඩි 10 පමණ කාලයක් ගුවනේ රැඳී සිට, ඔහු බිමට ඇඳ වැටෙන දර්ශනය සාමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා

සිදුවීමෙන් පසු ඔහුට සුළු තුවාල පමණක් සිදු ව ඇති අතර, දින 03ක් රෝහල්ගත ව ප්‍රතිකාර ලබා ඇති බවයි වාර්තා වෙයි.

සිය ත්‍රාසජනක වූ අත්දැකීම ඔහු මෙලෙස විස්තර කළේය.

“මම සරුංගලයක් යවන්න ගියා. සරුංගලයේ එක කෙලවරක් ගහක බැඳලා තිබ්බේ. එක පාරට ම මාව උඩට ඇඳගෙන ගියා. මම අඩි 150ක් විතර උඩට ගියා. මම කෑ ගැහුවා. මම හිතුවේ මම මැරුණා කියලා තමයි. ලණුව අතහැරුණ නම් මම මැරෙනවා.

මගේ පුතා බිම හිටියා. එයා මාව දැකලා අත්පොඩි ගහලා සතුටු වෙලා. පහළ හිටපු අය ලණුව අදින කොට මීටර 20ක් විතර තියෙද්දී මම වැටුණා. මට ක්ලාන්තය වගේ දැනුණා. බිමට වැටුණට පස්සේ මොනව ද වුණේ කියලා මම දන්නේ නැහැ. මේක මගේ ජීවිතයට අමුතුම අත්දැකීමක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *