සයිනොෆාම් එන්නතේ සාර්ථක්වය අධ්‍යනයකින් හෙළි වෙයි…! සති 12කට පසුත් කොවිඩ් සමග සටන් වැදීමේ ශක්තිය දිගට ම…!

October 19, 2021 at 9:06 pm | by emanisa.lk

සයිනොෆාම් එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයේ කොවිඩ් වෛරසයට එරෙහිව සටන් වැදීමේ ශක්තිය අඛණ්ඩව දක්නට ලැබෙන බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබේ.

සයිනොෆාම් එන්නතේ ප්‍රතිදේහ ජනනය සහ ටී සෛල ප්‍රතිචාරය පිළිබඳව පැවැත්වූ නවතම අධ්‍යයනයක තොරතුරු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර සිය සිය කණ්ඩායම විසින් නිකුත් කළ පර්යේෂණ පත්‍රිකාවක් උපුටා දක්වමින් සඳහන් කර ඇත.

ඉන් අනාවරණ වී ඇත්තේ සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබා දී සති 12කට පසුව ද කොවිඩ් වෛරසය ආගන්තුක දේහයක් ලෙස සලකා ටී සෛල මඟින් ප්‍රතිචාර දැක්වීම එලෙසින්ම පවතින බවය. එසේ ම කොවිඩ් වැළඳුණු අයෙකුට පවා එන්නත්කරණය මගින් හොඳ ප්‍රතිශක්තියක් ලබා දෙන බව හෙතෙම සඳහන් කරයි.

එහෙත් වෛරසයට එරෙහි ප්‍රතිදේහජනනය, වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බව ද එහි දැක්වේ.

පරීක්ෂණ කණ්ඩායමේ නිගමනය වී ඇත්තේ, ප්‍රතිශක්තිය දුර්වල වීම හමුවේ රෝහල්ගත කිරීම සහ බරපතළ තත්ත්වයට පත්වීම පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *