සයින්දමරදුවලදී කටුවාපිටියේ ත්‍රස්තයාගේ බිරිඳ සාරා මැරුණේ නෑ! පොලිස් ලොක්කෙකුගේ උදව්වෙන් ඉන්දියාවට පළායයි? (video)

July 15, 2020 at 10:15 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට පසු අප්‍රේල් 26 වෙනිදා අම්පාර සයින්දමරදු ප්‍රදේශයේ නිවසක පිපිරීම් මාලාවක් සිදුවිය. එම පිපිරිමෙන් සහරාන් හෂීම්ගේ පවුලේ සමග 14ක් මරුමුවට පත්විය.

මෙම ප්‍රහාරයෙන් සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දරුවා දිවි ගලවාගත් අතර මියගිය පිරිස අතර කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්දුන්ගේ බිරිඳ වන පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා ද මිය ගිය බවට පරීක්ෂණ කණ්ඩායම වෙත තොරතුරු ලැබී තිබිණි.

කෙසේ වුවද එහි තිබූ කිසිදු මළ සිරුරු කොටසක DNA සාරාගේ දෙමාපියන්ගේ DNA සමග නොගැළපීම නිසා පිපිරීම අතරතුර ඈ පළා ගියේ ද යන සැකය මතුවිය.

කොළඹ අපරාධ කොට්ඨාශය මේ පිළිබඳ කළ දිගුකාලීන පරීක්ෂණවල ප්‍රතිඵල ලෙස පසුගියදා අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති මොහොමඩ් අබුබකර් සහ සෙල්ලකුමාර් දේවකුමාර් යන දෙදෙනා අත්අඩංගුවට ගත්තේය.

මේ වන විට සාරා ඉන්දියාවට පළා ගිය බවට යම් යම් තොරතුරු ලැබුණ ද ඒ පිළිබඳ තව දුරටත් පරීක්ෂණ කළ යුතු බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස