සයිටම් නෙවිල් ප්‍රනාන්දු සමග මොරටුවට වෛද්‍ය පීඨයක්…!

May 31, 2024 at 7:55 pm | by emanisa.lk

දකුණු ආසියානු තාක්ෂණ ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) අගෝස්තු මාසයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත පැවරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

එම ඒකකය සඳහන් කරන්නේ 2025 වසරේ ජනවාරි මාසයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර, පූර්ව විදි විධාන සලසා ගැනීම සඳහා මෙම ආයතන පැවරීම සිදු කරන බවයි.

එමෙන්ම, 2025 වසරේ ජනවාරි මාසයේදී ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් විශ්වවිද්‍යාලය මොරටුව වෛද්‍ය පීඨයට ලබා දීම සඳහා 2023 පෙබරවාරි මස 01 වැනිදා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *