සමෘද්ධිමත් ශක්තිමත් රටක් ගොඩනඟන්න ජනාධිපතිවරයාට 2/3ක පාර්ලිමේන්තු බලයක් ලබා දෙන්න ඕන! – මෛත්‍රී

January 14, 2020 at 11:53 am | by emanisa.lk

ජනාධිපතිවරයාට කෙතරම් බලතල තිබුණද ජනතාවට සේවය කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වත්මන් පාර්ලිමේන්තුව වෙනුවට අලුත් පාර්ලිමේන්තුවක් ලබා දිය යුතු බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැතිව ජනාධිපතිවරයෙකුට කොතරම් බලතල තිබුණත් වැඩ කළ නොහැකි බවත් ඔහු පැවසීය.

සමහරු ජනාධිපතිට ඕනෑ තරම් බලතල ඇති නිසා ඕනෑ දෙයක් කළ හැකි යැයි සිතන්නේ නොදැනුවත් කම නිසා බව පැවසු හිටපු ජනපතිවරයා, ජනාධිපතිරයෙකුට වැඩ කිරීමට තමන්ට එකඟ වෙන බහුතරයක් අවශ්‍ය බවත් කියා සිටියේය.

සමෘද්ධිමත් රටක් ඇති කර ශක්තිමත් රටක් ගොඩ නැඟීම සඳහා ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දීමට තමා තීරණය කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස