සමාව ඕන නම් සමස්ත විනිසුරුවරුන්ගෙන් සමාව ගනු…! – ජනපතිගෙන් රංජන්ට කොන්දේසියක්…

September 2, 2021 at 4:43 pm | by emanisa.lk

වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බව වාර්තා වේ.

නමුත් එම සමාව ලබා දීමට පෙර තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් සමස්ත විනිසුරුවන්ගෙන්ම රන්ජන් රාමනායක සමාව ගත යුතු බවට කොන්දේසියක් පැනවීමට නියමිත බව ද දැනගන්නට තිබේ.

රන්ජන් රාමනායකට සමාව ලබා දීමට පියවර ගන්නා ලෙස විද්වතුන්, සිවිල් පුරවැසියන් නළු නිළියන් ඇතුළු බොහෝ පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂ නායකවරයා ද ඊයේ (01) ජනාධිපතිවරයාට දෙවැනි වරටත් ඉල්ලීමක් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4කට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා දී දැනට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයයේ රඳාවා සිටින අතර තවත් දින කිහිපයකින් අදාළ කොන්දේසි සැපිරී පසු ඔහුට ජනපති සමාව හිමිවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *