සමාජ යහපත වෙනුවෙන් සුදුවෑන් හඬ නැඟූ රාජිත අත්අඩංගුවට ගැනීම භාෂණ නිදහස අහිමි කිරීමක්! – අකිල

December 27, 2019 at 11:11 am | by emanisa.lk

සුදු වෑන් සිද්ධි පිළිබඳ කරුණු කාරණා ගෙන හැර දැක්වූ හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියෙන් ජනතාවට ලැබී ඇති භාෂණ නිදහස උල්ලංඝනය කිරීමක් බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

රාජිත සේනාරත්න සමාජ පොදු යහපත උදෙසා සුදු වෑන් සිද්ධිය රට හමුවේ තැබූ බවත් ඇමතිවරයාට මෙම සුදු වෑන් රියදුරන් සම්බන්ධ කළ එජාප සංවිධායක පවසන ආකාරයට ඔවුන් දෙදෙනා මෙයට පෙර පොලිසියට සුදු වෑන් ගැන පැමිණිලි කළ ද ඒ පිළිබඳ පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් අවධාරණය කළේය.

දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් සමග ඊයේ (26) මාධ්‍ය හමුවකට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස