සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ අයට දැනඋගත්කමක් නෑ! ජනපති

May 13, 2019 at 4:05 pm | by admin

සමාජ මාධ්‍ය පිළිබඳව කරන සමීක්ෂණවලදී ඒවා භාවිත කරන්නන්ගෙන් බොහෝමයක් උගත්කමින් පහළ අය බව හෙළි වී ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව ඊයේ (12දා) ප්‍රකාශ කළේය.

“සැම විටම අධි තාක්ෂණය මිනිසාගේ ප්‍රගමයට භාවිත වීම තමයි අත්‍යාවශ්‍ය වන්නේ. අද සමාජ වෙබ් අඩවි බැලුවොත් මොන තරම් අසත්‍ය දේවල් මොන තරම් ජනතාව නොමග යවන දේවල් අද සමාජ වෙබ් අඩවි හරහා යනවද?

චරිත ඝාතන, නින්දා අපහාසවලින් පිරුණු ලෝකයක් බවට සමාජ වෙබ් අඩවි පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් වැඩි පිරිස දැන උගත්කමින් පහළ අය බවයි.

සමාජමාධ්‍යවල පාවච්චි කරන දේ නිර්මාණය කරන දේ 80%ක්ම අසත්‍යයි. කිසි විටකත් තාක්ෂණය මිනිසා විනාශ පිණිස භාවිත නොකළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස