පසුගිය දින 10 පුරා නිරෝධායන මධ්‍යස්ථානවලින් මිස සමාජයෙන් ආසාදිතයන් වාර්තා වී නොමැතත.
මේ කාලය තුළ විවිධ කණ්ඩායම් ආශ්‍රිතව PCR පරීක්ෂණ 3000ක් පමණ සිදුකළ ද කිසිදු රෝගියෙකු වාර්තා වී නැත.
ඒ අනුව කොරෝනා සමාජීය වශයෙන් පැතිරෙන්නේ නැති බව තහවුරු වී තිබේ.
කෙසේ වුවද තෝරාගත් සමාජ නියැදිවල PCR පරීක්ෂණ තව දුරටත් සිදු කරනු ඇත.
එසේම කොරෝනා ආසාදිතයන් වාර්තා වූ පොකුරු 31 අතරින් 30ක් මේ වන විට අක්‍රීය කර අවසන්ය.
දැනට සක්‍රීය තත්ත්වයේ පවතින්නේ වැලිසර නාවික හමුදා පොකුර පමණි.
එය ද සිය ග්‍රහනයට නතු කරගෙන දැඩි ලෙස පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.