සමාජ අසාධාරණේ ගැන දොඩවන කලාකාරයෝ හොර පාරෙන් එන්නත ගහල…!

May 20, 2021 at 7:43 am | by emanisa.lk

උවිඳු කුරුකුලසූරිය විසින් තබන ලද ෆේස්බුක් සටහනකි.

මරණ බය දැනුනම​​ සමාජ​ සාධාරණය​, යුක්තිය ඔක්කොම අමතක වෙනව ​!

අශෝක හඳගම​, ප්‍රසන්න විතානගේ, චාන්දනී සෙනවිරත්න (චාන්දනී කියන්නෙ වික්ටර් අයිවන් මහතා හදල තියෙන “ප්‍රයත්නය​” කියන “රට කුණු වෙලා” කියල ඒකෙන් ගොඩගන්න සමාජ ව්‍යාපාරයේ ප්‍රමුඛ කෙනෙක්). ප්‍රසන්නවයි හඳයවයි ඉතිං දන්නවනෙ. උන් දෙන්න අධ්‍යක්‍ෂකල​ අරය නිළියක්. ප්‍රශ්නේ මේකයි.

කෙහෙලිය රඹුක්වැල්ල වැක්සීන් 3000ක් ඉල්ලගෙන පවිත්‍රගෙන්, ඒකෙන් 100ක් කලාකරුවන්ට දෙන්න කියල බන්දුල ගුණවර්ධණ ඉල්ලගෙන​. ගොඩක් ආපු උන්ව​ කිසිම මාධ්‍යයක දැකපු නැති එවුන්ලු. ඒත් අර තුන් දෙනා ඉඳල​​. තමන්ට – ඒ කියන්නෙ සමාජයේ සෞඛ්‍ය අවදානමක් තියෙන වයසක​, අධි අවදානම් සෞඛ්‍ය ප්‍රශ්න .. ආදී වගේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කල පිළිවෙළට – එන්නෙ නැතිව මේ අය වැක්සින් එක ගහගෙන​.
විශේෂ කැටගරි හදල ලංකාවෙ මේ වැක්සීන් එක ගහන්නෙ.

එන්නත දේශපාලන අවියක් කරගෙන තියෙන්නෙ ලංකාවෙ. නමක් තියෙන​, සම්බන්ධකම් තියෙන අයට​ ගහනව පිළිවෙළ කඩල. මාධ්‍යවේදීන්ට ගස්සපු එකත් එහෙමයි. මේ අයට කොරෝනා කාලෙ ගැන ෆිල්ම්ස් හදන්න බැරිවෙනවා ඉස්සරහට හෘද සාක්කියක් තියෙනව නම්. මම හිතන්නෙ ප්‍රසන්නල​, හඳයල​, චාන්දනීල මේ ගැන ඒ ගොල්ලන්ගෙ මතේ සමාජයට කියයි කියල​.

පසු සටහන: පැණි බොන්න එහෙම පෝලිමේ ගියපු මගේ යාලු මිත්‍රයින්ට දාපු කෝචොක්වලට​ අනේ මට සමාවෙන්න​! මම මේව අහන්න ජීවත් උන්නානෙ! හැබැයි උන් නම් සමාජ සාධාරණත්වය​, යුක්තිය වගේ ඒව ගැන කතාකරපු අය නෙමෙයි. ඒත් සමාවෙයන්ලා!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *