සමාජමාධ්‍ය බොරුවලින් කලබල විය යුතු නෑ! කිසිදු අන්තවාදී තර්ජනයක් රටට නෑ!

May 19, 2020 at 5:44 pm | by emanisa.lk

අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමඟ යවමින් සමාජ මාධ්‍යජාලා තුළ පැතිරෙන පුවත්වලින් නොමඟ නොයන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

“සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යන ප්‍රවෘත්තියෙහි සත්‍යතාවයක් නොමැත. බුද්ධි අංශවලට ශ්‍රී ලංකාව තුළ අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැත.” ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න නැවත අවධාරණය කළේය.

කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා හමුදා සහ පොලිස් සහාය ලබාගැනීම තුලින් රටේ ජාතික ආරක්‍ෂාව කිසිදු ආකාරයකින් නොසලකා හැර නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ රජය විසින් මෙරට සියලුම බුද්ධි අංශ එක් ජාලයක් යටතට ගෙන ඇති අතර අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආරක්‍ෂාවට ඇති තර්ජන පිළිබඳව බුද්ධි තොරතුරු ලබාගැනීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බව ආරක්‍ෂක ලේකම් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස