සමාජජාලා නැවතත් තහනම්!

May 6, 2019 at 7:25 am | by admin

ශ්‍රී ලංකාවේ සමාජජාල මාධ්‍ය වෙත පිවිසීම යළි අවහිර කර තිබේ. ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ආදී සමාජජාල වෙත පිවිසීම තාවකාලිකව යළි අත්හිටුවා ඇත.

කෙසේ වුවද මෙම සමාජජාලා අවහිර කිරීම පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ විවේචනයට පාත්‍ර වී තිබේ. එසේම විශාල පිරිසක් VPN තාක්ෂණය ඔස්සේ සමාජජාලා වෙත පිවිසෙයි.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සමග සමාජජාලා අවහිර කිරීමට ආණ්ඩුව කටයුතු කළ අතර එය ඉවත් කළේ අප්‍රේල් 30 වෙනිදාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *