ශ්‍රී ලංකාවේ සිමා රහිත අන්තර්ජාල පැකේජ ලබා දීමට වත්මන් රජය විසින් අන්තර්ජාල සේවා සපයන්නන්ට උපදෙස් හා අවසර ලබා දී තිබේ.
මෙය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණයේ දැවැන්ත පිම්මක් ලෙසින් හඳුන්වා දිය හැකි බව එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.
පසුගිය ජනපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව වත්මන් රජය විසින් මෙම තීරණය ලබා ගෙන තිබේ.
මෙතෙක් කල් කාර්යබහුල සහ කාර්යබහුල නොවන යනුවෙන් දෙකට බෙදා අන්තර්ජාල සේවා සැපයීම මගින් ආයතන අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගත් අතර පාරිභෝගික ජනතාව දැඩි ලෙස සූරාකෑමට ලක්විය.