සම්බන්ධන්ට දිගටම විපක්ෂ නායක සැප! මහින්ද වෙස්සන්තර වෙයි!

March 3, 2019 at 7:11 am | by admin

හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට එකල හිමි වූ නිල නිවස සහ නිල රථ ඉදිරියටත් ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගැනීමට සූදානම් වෙයි. ඒ අනුව නිල රථ දෙකක් සහ කොළඹ බෞද්ධාලෝක මාවතේ නිල නිවාසය තව දුරටත් ඔහුට හිමි වනු ඇත.

විපක්ෂ නායක ධුරය අහිමි වුවද අදාළ නිවාස හෝ වාහන නැවත ලබා දීමට සම්බන්ධන් කටයුතු කර නොතිබූ නිසා විපක්ෂ නායක ලේකම්වරයා විසින් ඒවා නැවත භාර දෙන ලෙස සම්බන්ධන්ගේ කාර්යමණ්ඩලයෙන් ඉල්ලා සිටීම සමග මෙම ගැටලුව මතු විය.

විපක්ෂ නායක ධුරයට මහින්ද රාජපක්ෂ පත් වුවද එම නිලයට හිමි නිල රථ හෝ නිවාසය මෙතෙක් හිමි වී නොමැති අතර තමන්ට නිල නිවසක් ඇති නිසා අදාළ නිවස හෝ රථ අනවශ්‍ය බව හෙතෙම එම්. සුමන්දිරන්ට පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *