සමහරු මුස්ලිම් ජනතාව කොන් කරන්න හදනවා! සිංහල රජ කාලෙත් අපිව ආරක්ෂා කළේ මුස්ලිම් ජනතාවයි! – අගමැති

August 19, 2019 at 8:25 am | by emanisa.lk

වර්තමානයේදී මුස්ලිම් ජනතාව කොන් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත් සිංහල රජවරුන් අතර මුස්ලිම් ජනතාව කෙරෙහි විශල විශ්වාසයක් පැවති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය.

කුරුණෑගල පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“සිංහල රජවරුන්ට විශාල විශ්වාසයක් තිබුණා කිසිම ප්‍රශ්නයක් නැතිව මුස්ලිම් ජනතාව රජතුමාව ආරක්ෂා කරලා දෙයි කියලා. 1815 වත් කිසිම මුස්ලිම්වරයෙක් ගිහින් ඔය ගිවිසුමට අත්සන් කළේ නෑ. සම්බන්ධ වුණේ නෑ.

සමහරු බලනවා අද මුස්ලිම් ජාතිය ලංකාවෙන් කොන් කරන්න. තමන්ගේ දේශපාලනයේ වාසියට. ඕනෑම ආගමක, ඕනෑම කණ්ඩායමක වැරදි කරන, මරන අන්තවාදීන් ඉන්නවා. ඒක නවත්වන්න බෑ.

ඒක නවත්වන්න පුළුවන් අඳුනගෙන ඒ අය ඉවත් කරලා. ඒත් සමස්තයක් හැටියට (මුස්ලිම් ජනතාව) සිංහල රජ කාලේ අපිව ආරක්ෂා කරලා දුන්නා. ඔක්කොම එකට එකතුවෙලා. දැන් ලාංකිකයන් ලෙස ඉදිරියට යන්න ඕන”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස