සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම අපේ කාර්යභාරයයි….! – හර්ෂ ද සිල්වා…

June 6, 2021 at 5:28 pm | by emanisa.lk

සමලිංගික ප්‍රජාවේ (LGBTQ) අයිතිවාසිකම් වෙනුවෙන් අප පෙනී සිටි යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

මිනිස්සුන්ට ආදරය කරන නිසා කිසිවකුගේ අයිතිවාසිකම් කිසි ම රටක් විසින් ප්‍රතික්ෂේප නොකළ යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

සමලිංගික කණ්ඩායම් කෙරෙහි වෛරය, වෙනස්කොට සැලකීම සහ නොතකා හැරීමට එරෙහිව සටන් කිරීමේ දී සියලු දෙනාට ම කාර්යභාරයක් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස