සමන් රත්නප්‍රිය දින කිහිපයකට පාර්ලිමේන්තුවට!

February 5, 2020 at 8:50 am | by emanisa.lk

සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම අද (05) දිනයේ සිදු කිරිමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්රරමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සමන් රත්නප්‍රිය මහතා පත් කරන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

ඒ අනුව අදාල පත් කිරිම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය ජනවාරි 27 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ සමන් රත්නප්‍රිය මහතා අද දිනයේ මන්ත්‍රීධුරයේ දිවුරුම්දීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ වුවද තව දින ගණනකින් එනම් මාර්තු මස මුල බොහෝ දුරට පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ඇත. එහෙයින් රත්නප්‍රිය නැවත ජාතික ලැයිස්තුවෙන් පත් නොකළ හොත් ඔහුගේ පාර්ලිමෙින්තු ගමන දින ගණනකට සීමා වනු අැත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස