සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (8) එළිදැක්විණි.
ජාතික නිදහස සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ශය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, පුරවැසි බහුජන ව්‍යාපාරය ඇතුළු පක්ෂ සහ සංවිධානය කිහිපයක් සමගි ජන සන්ධානය හා එක්විය.
කෙසේ වුව ද ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මෙම සන්ධානයට එකතු නොවිණි. පූර්ව ප්‍රචාරක දැන්වීම්වල ඔහුගේ ඡායාරූපය තිබුණ ද අනතුරුව එය ඉවත් කර තිබිණි.