සමගි බලේ දෙවෙනි අපෙක්ෂකයාත් ඉල්ලා අස්වෙයි! සජිත්ට පළු යන්න බැණ වැදීීී පොහොට්ටුවට එක්වෙයි!

June 11, 2020 at 7:42 am | by emanisa.lk

සමගි ජන බලවේගය පක්‍ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් අපේක්‍ෂක ඩෙනට් පනියන්දුවගේ සිය අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීම දන්වමින් ඔහු මැතිවරණ කොමිසම වෙත ලිපියක්ද යොමු කර ඇත.

පසුව ඔහු පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස විවේචනය කරමින් මාධ්‍ය හමුවක්ද පැවැත්වීය. නිවැරදි අවස්ථාවේ තීන්දු තීරණ ගැනීමට සජිත්ට හැකියාවක් නැතැයි ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ හා අගමැති මහින්ද රාජපක්‍ෂට සහාය දීමට එක්වන බවද ඔහු කියා සිටියේය.

පසුව අගමැති මහින්ද රාජපක්‍ෂ මුණ ගැසී තම සහයෝගය වත්මන් ආණ්ඩුවට පල කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස