සමගි බලේ කිංස් නෙල්සන් ආණ්ඩුවට….?

July 20, 2021 at 5:47 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් අද (20) පස්වරුවේ විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරමින් ආණ්ඩුවට එක්වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

“නෙල්සන් මන්ත්‍රීතුමා දැන් ඉඳගන්න. ඔබතුමා එක වෙලාවකට මස්සිනා කියන දේ අහළ මේ පැත්තේ ඉන්නවා. තව වෙලාවකට අනිත් පැත්තේ ඉන්නවා.

අද හවස ඔයා මේ පැත්තට එන්නනේ ඉන්නේ… අද හවස අපිට ඡන්දේ දෙන්නනේ ඉන්නේ…. එහෙනම් දැන්ම ඇවිල්ලා ගනුදෙනුව ඉවර කර ගන්න. ඕනි නම් එක කෝල් එකකින් මේ පැත්තට ගන්න පුළුවන් ඔබතුමාව.

රොෂාන් මොකද කියන්නේ ගන්න ද මෙයාව? රොෂාන් ඇමතිවරයාව හමුවෙලා බුලත් අතක් දීලා සමාව ගන්න”

මහින්දානන්ද අලුත්ගමගේ මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේදීය. කිංස් නෙල්සන් මන්ත්‍රීවරයාගේ මස්සිනා වන්නේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *