සමගි බලේ අසමගි වෙයි…! හේෂා චමින්ද පක්ෂ තනතුරු අතහරී…! නුදුරේ දී ම ආණ්ඩුවට…?

October 26, 2021 at 8:07 am | by emanisa.lk

සමගි ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පක්ෂයේ දරන ධූරවලින් සහ ආසන සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (25) සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත යොමු කර ඇතැයි දැනගන්නට තිබේ.

දිස්ත්‍රික්කවල වැඩි ම මනාපලාභීන් දෙදෙනා වන ඔවුන්ට එහි සංවිධාන කටයුතු සඳහා නායකත්වයේ ආශීර්වාදය නොලැබීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි දැනගන්නට තිබේ.

මේ අතර හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි නුදුරේ දීම ආණ්ඩුවට එකතු වනු ඇති බවට ද වාර්තා පළවෙයි. සමගි ජනබලවේග ප්‍රබලයෙකු ද මෙය තහවුරු කර තිබේ. ඉදිරියේ දී අයවැයට සහය පළකරමින් සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩුවට එකතු වීමේ වැඩි ඉඩකඩක් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *