රට තුළ යළිත් වරක් පොදුජන ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස පවසයි.
අද හවස (16) සමගි ජන බලවේගය කොළඹ දී සංවිධානය කළ විරෝධතා රැළිය අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
“අද මේ මහා ජනරැලිය අපි පවත්වන්නේ, මේ රටේ දුක්විඳින ජනතාව දුකෙන් මුදවන්නට. මේ රට තුළ ඒකාධිපතීත්වයකට අපි ඉඩ දෙන්නේ නැහැ.
මේ ස්වෛරීය ශ්‍රී ලංකාවේ කතා කිරීමේ නිදහස තියෙනවා. ලැබී තිබෙන මාතෘ භූමිය, ගරා වැටෙන ආර්ථිකය, කඩා වැටෙන ජන සමාජය, යළිත් වරක් ගොඩනගලා මේ රටේ පොදුජන ආණ්ඩුව බිහිකරනවා. මේ රටේ පොදු ජනතාව රටේ වගකීම සමගි ජන බලවේගයට ලබාදෙනවා.”