ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
තමයි ඉවත් නොවී දිගට ම සිටියා නම් පක්ෂයේ කිසිවෙකුට මීළඟ මැතිවරණය සඳහා ඡන්දය ඉල්ලීමට නොහැකි වන බව පැවසු සිරිසේන මහතා, ඒ අනුව තමා ගැන සිතා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් ගැන සිතා එම තීරණය ගත් බව ද කිය.
තමාගෙන් පසු එම සභාපති ධුරයට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේ ආණ්ඩුවට ගොස් සිටින අනිකුත් අය අතර සුදුස්සකු නොසිටි නිසා යයි ද හෙතෙම කීය.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ගාල්ල කරන්දෙනිය ප්‍රදේශයේ අද (17) පැවති රැස්වීමක් අමතමිනි.