සපුගස්කන්ද තෙල් පිරිපහදුව ගං වතුරින් යටවෙයි…! දැවි තෙල් කැලණි ගඟට එක්වීම වළකන්න මෙහෙයුම්….!

June 5, 2021 at 8:38 am | by emanisa.lk

අධික වර්ෂාව සමග ඇති වූ ගං වතුර හේතුවෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) ඉන්ධන ටැංකි (Separator Tanks) තුළට ජලය ඇතුළු වී පිටාර ගලා තිබේ.

මේ වන විට බාහිර පරිසරයට වැසි ජලය සමග එක් වූ එම ඉන්ධන පැතිර යාම වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව අද (04) සවස විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.අ

මෙම දැවි තෙල් මිශ්‍රිත ජලය වර්ෂාපතනය අඩු වී කැලණි ග‍ඟේ ජල මට්ටම අඩු වීමත් සමග පට්ටිවෙළ ඇළ හරහා කැළණි ගඟට එක් වීමේ අවධානමක් ඇත.

දැවි තෙල් මිශ්‍රිත ජලය කැලණි ගඟට එක් වුවහොත් කැලණි ගඟ මගින් ජලය ලබා ගන්නා බියගම හා අඹතලේ ජල පවිත්‍රාගාර මගින් පානීය ජලය බෙදාහැරීමට ඇතිවිය හැකි බලපෑම මැඩපැවැත්වීමට මෙන්ම ප්‍රදේශයේ සිදු විය හැකි පාරිසරික බලපෑම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දැවි තෙල් මිශ්‍රිත ඉන්ධන පැතිරයාම වැළැක්වීමට පාවෙන ඉන්ධන බාධක (Floating Boom) යෙදීමටත් එම දැවි තෙල් මිශ්‍රිත ජලය ඉන්ධන පෙරණයක් මගින් (Oil Skimmer) පෙරා ඉවත් කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *