සපුගස්කන්දේ සේවකයින්ට නැවතත් සෙනසුරාදා අතීකාල…! තෙල් බෙදා හැරීම් ගැටලුව නිමයි…!

September 13, 2021 at 5:53 pm | by emanisa.lk

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින්ට සෙනසුරාදා අතීකාල සේවයේ යෙදීමට අවසර නොදීම සමග තෙල් බෙදාහැරීම් පිළිබඳ ගැටලු මතුවිය.

කෙසේ වුව ද වෘත්තීය සමිති ඇමැති උදය ගම්මන්පිල සමග පැවැත් වූ සාකච්ඡාවකින් පසු අතීකාල දීමනා සමග සේවයේ යෙදීමට අවස්ථාව ලැබී තිබේ.

මේ සමග තෙල් බෙදාහැරීම් ගැටලු අවසන් වූ බව ඛනිජ තෙල් සංස්ථා ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සභාපති බන්දුල සමන්කුමාර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *