සඳුදා සිට වැඩට එන්න….! ගැටලු විසඳන්න සූදානම්…! – අගමැති මහින්ද ගුරු සංගම් වෙත දැනුම් දෙයි….

July 27, 2021 at 6:47 pm | by emanisa.lk

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (27) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් කිරීම සහ වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයන් සමඟ පැවති සකච්ඡාවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ලබන සඳුදා සිට සේවය කිරීමට සුදානම් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුරු විදුහල්පති වෘත්තිය සංගම්වෙත අද දින දැනුම් දුන්නේය.

වසර විසිහතරක් පුරා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පැවතිය ද මෙතෙක් සාධාරණ විසදුමක් නොලැබුණු බවත්, රටේ පවතින ආර්ථීක අර්බුධය පිළිබඳ පැහැදිලි අවබෝධයක තමන් සිටින බැවින් එක වර වැටුප් වැඩිකිරීමක් සිදු කළ නොහැකි වුවද වැටුප් විෂමතාව අවම කිරීම සඳහා සුබෝධනී වාර්තාව අනුව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කඩිනමින් කටයුතු කරන්නැයි ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයෝ මෙහි දී ඉල්ලා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස