සන්ධාන අපට අදාළ නෑ! අපි ඡන්දෙට එන්නේ අලියා ලකුණින්! – රවී

March 2, 2020 at 3:43 pm | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය රවි කරුණානායක පවසයි.

එයට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයේ කැමැත්ත ලැබී ඇති බවත් හෙතෙම කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ, කිසිදු බෙදීමක් නැති බවත්, බහුතරයගේ කැමැත්ත වී ඇත්තේ අලියා ලකුණින් තරග කිරීම නිසා පාර්ලිමේන්තුව විසිරුවූ සැණින් අලියා ලකුණින් නාම යෝජනා බාරදීමට, නාම යෝජනා මණ්ඩලද මේ වන සූදානමින් පසුවන බවත් ඔහු සඳහන් කළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී (02) පැවැත්වූ විශේෂ රැස්වීමකදී හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස