සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම සජිත් විවෘත කරයි!

August 13, 2019 at 1:38 pm | by emanisa.lk

නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස විසින් හෙට දින තවත් උදා ගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම උදා ගම්මානය නම් කර ඇත්තේ ‘සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම’ ලෙසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට උපහාර පිණිස මෙම උදාගම ඉදිකර තිබෙන බව කියවේ.

මින්පෙර හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට උපහාර පිණිස ‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම’ යනුවෙන් උදාගමක්ද එම අමාත්‍යංශය විසින් ඉදි කළේය.

“සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම” උදා ගම්මානයේ නිවාස 27 ක් ඉදි කර තිබෙන බවද වාර්තා වේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස