සතොසට ගෙනා සහල් කිලෝ 20 000ක ගුල්ලෝ….! කන්ටේනරය ම ආපසු හරවයි….!

June 30, 2021 at 7:51 am | by emanisa.lk

සහතික මිලට ජනතාවට සහල් ලබා දීම සඳහා වන රජයේ වැඩපිළිවෙළ යටතේ එරාවුර් ප්‍රදේශයෙන් වැලිසර සතොස සහල් ගබඩාවට ගෙනා නාඩු සහල් කිලෝග්‍රෑම් 20,000ක් ගුල්ලන් ගසා තිබීම හේතුවෙන් ඉවත් කර තිබේ.

සතොස ගබඩාව වෙත පැමිණ ඇති එම කන්ටේනර් රථය තත්ත්ව පරීක්ෂාවට ලක්කිරීමේ දී ඊයේ (29) හාල්වල ගුල්ලන් සිටිනු දැක ගත හැකිව තිබිණි.

පසුව ගබඩාව වෙත පැමිණි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ද සහල් තොගය පරික්ෂා කර තිබේ.

අනතුරුව එම සහල් කන්ටේනරය ඉවත් කර ඇති අතර අදාළ සහල් සැපයුම්කරු තවත් සහල් කන්ටේනර් 03ක් සතොසට ලබා දී ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *