සතොස කම්බ හොර ගුහාවක්…! වෙළෙඳපොළ මිල වගේ කීප ගුණයක් ගෙවා බඩු අරන්…! රජයට රු. කෝටි ගණනක අහිමි කළ තවත් වංචාවක් එළියට…!

October 1, 2021 at 4:50 pm | by emanisa.lk

රජයට අලාභ වන පරිදි රුපියල් කෝටි 170කට අධික පිරිවැයක් දරමින් සතොස ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම හරහා ලක් සතොසට භාණ්ඩ මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත.

2016 සිට 2019 වසර දක්වා සිදුව ඇතැයි කියන මෙම ගනුදෙනුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලියාපදිංචි සමාගම්වලින් මිල දී ගැනීමේ ක්‍රමය යටතේ සිදුකර ඇති අතර එයින් රජයට සිදුව ඇතැයි කියන පාඩුව රුපියල් කෝටි ගණනකි.

වෙළෙඳපොළ වටිනාකම මෙන් කිහිප ගුණයකට විදුලි ජනක යන්ත්‍ර, ශීතකරණ, වායු සමීකරණ හා ඇසුරුම් රාක්ක ඇතුළු උපකරණ රැසක් ලක් සතොස සඳහා මේ යටතේ මිල දී ගෙන තිබේ.

ශ්‍රී ලක්ෂණ හා උකායි යන සමාගම්වලින් උපකරණ තොග වසර තුනක කාලයක් තිස්සේ මිල දී ගෙන ඇති අතර රුපියල් කෝටි 170 අධික මුදලෙන් විශාල කොටසක් දැනටමත් ගෙවා ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් පසුව මෙම ගනුදෙනුවේ සැකසහිතභාවය නිසා පරීක්ෂා කිරීම්වලින් පසුව එහි සෙසු ගෙවීම් අත්හිටුවීමට බලධාරින් තීරණය කර ඇත.

සිදුවීමට අදාළ වෙනම විමර්ශන කිරීමෙන් පසු බලධාරින් ඒ ගැන වැඩිදුර විමර්ශනයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දී ඇතැයි ද විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස