සතොසින් කහ ගන්න රු. 1000ක බඩු ගන්න ඕනලු…!

October 12, 2021 at 8:25 pm | by emanisa.lk

සතොස මගින් කහ කුඩු අලෙවි කෙරෙන බව සඳහන් වූව ද කහ කුඩු ග්‍රෑම් සීයක් මිල දී ගැනීමට රුපියල් දහසක ද්‍රව්‍ය ලබා ගත යුතු බව පාරිභෝගිකයෝ පවසති.

ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳසැල්වල මේ දිනවල කහකුඩු මිල දී ගැනීමට නොමැති බවත් වාර්තා වෙයි.

කහ කුඩු ග්‍රෑම් සීයක් රුපියල් 200 ක මිලකට අලෙවි කිරීමට ද රුපියල් දහසක ද්‍රව්‍ය ලබා ගැනීමේදී පමණක් කහකුඩු ග්‍රෑම් සීයක් නිකුත් කිරීමට සතොස සේවකයින් වෙත උපදෙස් ලැබී ඇත. කෙසේ වුව ද ලැබී ඇති කහ ප්‍රමාණය මේ වන විට අවසන් වී තිබේ.

කහ ආනයනය කිරීම නතර කිරීමෙන් පසුව මේ වන විට වෙළඳපොළෙහි කහ කුඩු හිගයක් පවතින අතර අලෙවියට ඇති වෙළඳසල්වල ඉහළ මිල ගණන් යටතේ අලෙවි කෙරෙන ආකාරයක් දක්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *