සතුන් යොදා කළ යුතු පරීක්ෂණයකට ලෙඩුන් යොදවලා! පරීක්ෂක මහාචාර්ය බානෙන් කෙනෙක් බෙහෙත ගෙනා සමාගමේ වැඩ!

September 22, 2019 at 9:22 pm | by emanisa.lk

පෞද්ගලික සමාගමක් මගින් මෙරටට ගෙන් වූ විදේශ රටක නිෂ්පාදිත ‘ආයුර්වේද කැස්ස පැණියක්’ සම්බන්ධයෙන් සතුන් යොදාගෙන කළ යුතු පරීක්‍ෂණයකට ආයුර්වේද ශික්‍ෂණ රෝහලට පැමිණි රෝගීන් පිරිසක් යොදාගෙන කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

අදාළ කැස්ස පැණිය වෙළඳපොළට නිකුත් කිරීමට පෙර කළ යුතු මෙම සායනික පරීක්‍ෂණය 2016 වසරේදී සිදුකර ඇති අතර එය සිදුකර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්යවරුන් දෙදෙනකු වන අතර ඉන් එක් අයෙකු කැස්ස පැණිය ගෙන්වූ සමාගමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන බව ද කෝප් කමිටුව හමුවේ හෙළි විය.

එමෙන්ම මෙවැනි පරීක්‍ෂණයක දී දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ආචාරධර්ම කමිටුවේ නිර්දේශයන් සහිතව කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන සභාව මගින් අනුමැතිය ලබා ආයුර්වේද වෛද්‍ය රෝහලින්ද අනුමැතිය ලබාගත යුතු වුවත් මෙම කැස්ස පැණිය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය රෝහලේ අනුමැතිය ලබාගෙන නැතැයි ද මෙහිදී සඳහන් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස