සති තුනකට වරක් රට වහන්න….! එමගින් කොවිඩ් පාලනය කරන්න පුළුවන්…! ආණ්ඩුවේ පක්ෂ 10ක් ජනපතිට ලියයි…!

August 19, 2021 at 11:52 am | by emanisa.lk

අවම වශයෙන් සති 03 කට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිතුමා වෙත ලිපියක් යවන එම පක්ෂ 10 පෙන්වා දෙන්නේ, අවම වශයෙන් සති තුනක රට අගුළු දැමීමෙන් තොරව කොරෝනා රෝගීන් ගණන රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමට පහත හෙලීමට නොහැකි වන බව තමන්ගේ විශ්වාසය බවය.

අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, සමග ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ අමාත්‍ය උදය ගම්මන්පිල, ජාතික කොන්ග්‍රසයේ ඒ. එල්. එම්. අතාවුල්ලා, එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්, ශ්‍රී ලංකා කොමියුනිස්ට පක්ෂයේ වෛද්‍ය ජී. වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න සහ යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මෙම ලිපියට අත්සන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස