සතිපොළ මුස්ලිම් වෙළඳුන්ට තහනම් කළ වෙන්නප්පුවේ සභාපතිට නොතීසි!

June 26, 2019 at 9:23 am | by emanisa.lk

දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කිරීමට හේතු විමසීමට ලබන 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද(25) වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. ඒ. සුසන්ත පෙරේරා ඇතුළු හය දෙනකුට නොතීසි නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ අනුව එලෙස තහනම් නියෝගයක් නිකුත් කිරීමට හේතු දක්වන ලෙස දන්වා අධිකරණය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු හය දෙනකුට නොතීසි නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස