සත්වෝද්‍යාන අධ්‍යක්ෂිකාව ඉල්ලා අස්වෙයි…!

September 9, 2021 at 11:17 am | by emanisa.lk

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිණි වික්‍රමසිංහ එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

ඇය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පැවසීය.

පෞද්ගලික හේතු මත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව ඒ ලිපියෙන් ඇය දැනුම් දී ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඉෂිණි වික්‍රමසිංහ එම තනතුරින් මීට පෙරද ඉල්ලා අස්වීමට උත්සාහ දරා තිබිණ. එහෙත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ දී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඇය TNL රූපවාහිනියේ සභාපති ශාන් වික්‍රමසිංහගේ දියණියයි. ඔහු රනිල් වික්‍රමසිංහගේ සහෝදරයාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *