සජිත් ෆේල් කියන්න මංගලට සදාචාරාත්මක අයිතියක් නෑ….! සජිත් ඉහළින් ම පාස්….!

July 31, 2021 at 8:57 am | by emanisa.lk

හිටපු අමාත්‍ය මංගල සමරවීර ‘සර්’ වගේ ම ‘ස’ත් ෆේල් යැයි කීමෙන් අදහස් කළේ කවුදැයි තමන්ට පැහැදිලි නොමැති බව සමගි තරුණ බලවේගයේ උප සභාපති රෙහාන් විජේවික්‍රම පවසයි.

ඔහු සඳහන් හැඳින්වූයේ ජනාධිපතිවරයා සමඟ සිටින අයෙකු ද නැත්නම් සමගි ජන බලවේගයේ නායකයා ද යන්න තමන් නොදන්නා බව ඔහු සඳහන් කරයි.

එහෙයින් සිය හිටපු නායකයා වන මංගල සමරවීර මේ පිළිබඳ වහා ම පැහැදිලි කිරීමක් කළ යුතු බව ද රෙහාන් විජේවික්‍රම පෙන්වා දෙයි.

තමන් කිසිදු පක්ෂ යාන්ත්‍රණයක් නොමැතිව අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ මන්ත්‍රීවරුන් 52ක් පාර්ලිමේන්තුවට පත්කරගත් බවත් එහෙයින් තමන්ට ෆේල් යැයි කීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැති බවත් ඔහු අවධාරණය කරයි.

සමගි ජනබලවේග මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *