සජිත් හැර මේ රටට විකල්පයක් නෑ….! දේශප්‍රේමි බලවේගත් ඔහු ළඟ…!

July 22, 2021 at 7:40 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හැර වෙනත් විකල්පයක් මේ රටේ දේශපාලනයට නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

ප්‍රශ්නය – දැන් ඔබතුමාලාට නායකයෙක් ඉන්නවාද ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ?

“ඇයි සජිත් ප්‍රේමදාස නායකතුමා ඉන්නෙ. මං හිතන්නෙ සජිත් ප්‍රේමදාස මැතිතුමා හැර වෙන විකල්පයක් මේ රටේ නෑ. ඒ නිසා ඒ හරහා, ඒ වටා මේ රටට ආදරය කරන සියලු දේශප්‍රේමී දේශපාලන බලවේග එකතු කිරීම තමයි අපේ දේශපාලන වගකීම වෙන්නෙ”

ප්‍රශ්නය – ඔබතුමන්ලාගෙ පරණ නායකතුමාත් ඒ වුණාට බලාපොරොත්තුවෙන් ඉන්නවා නේද ?

“හීන තිබුණට කෝටියක් …. කියලා කතාවකුත් තියෙනවානෙ නේද …. ඒ වුණාට ඡන්ද නෑ එක පිච්චියක් …”

හේෂා විතානගේ මේ බව පැවසුවේ ඊයේ (21) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *