සජිත් හැර කාටවත් එජාපයෙන් දිනන්න බෑ! වෙන කෙනෙක් දැම්මොත් මම ගෙදර යනවා! පුළුවන් නම් ඇමතිකමින් අයින් කරපල්ලා! – හරීන්

August 3, 2019 at 12:00 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ දී ඇමති සජිත් ප්‍රේමදාසට හැර එජාපයේ කිසිවකුට ජයග්‍රහණය කළ නොහැකි බව ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

පක්ෂයක් ලෙස ජයග්‍රහණය කළ හැකි නායකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවත් දින්නන්න පුළුවන් නායකයා වෙනුවෙන් පෙනී සිටීම වරදක් ලෙස දක්වා තමන් යටත් කර ගැනීමට හදන්නේ නම් ඊට තමා සූදානම් නැති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාසගේ හොඳ නොහොඳ තමන්ට අදාළ නොවන බවත් තමා නියෝජනය කරන ජනතාව සහ ප්‍රාදේශීය නායකත්වය ඉල්ලන්නේ සජිත් නම් එම හඬට පිටපෑමට තමන්ට නොහැකි බවත් පැවසූ ඇමතිවරයා ඕනෑම අයකුට අවශ්‍ය නම් තමා ඇමති ධුරයෙන් පහ කළ හැකි බවත් කිසිම තනතුරක් ස්ථිර නැති බවත් සඳහන් කළේය.

තමා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටින බවත් වෙනත් අයකු අපේක්ෂකයා කළහොත් ඉදිරි අවුරුදු පහේ ගෙදරට වී සිට නිවාඩුවක් ගත කර දුවලා පැනලා ඇඟ හදා ගෙන පසුව දේශපාලනයට එන බවත් හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස