සජිත් – සරත් ගැටුම ගොඩින් බේරගන්න සාකච්ඡා…!

May 19, 2024 at 10:33 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ නායකත්වය සමඟ අර්බුදයක පැටලී සිටි එහි සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නැවතත් පක්ෂයේ කටයුතුවලට සක්‍රියව දායක කර ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ස.ජ.බ නායකත්වයේ අනුදැනුම මත එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සරත් ෆොන්සේකා මහතා සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා තමන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව පවරා ඇති නඩුව සමථයකට පත්කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇතැයි සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *