සජිත් සටන් කරන හැටි අනුරගෙන් ඉගෙන ගන්න….! රට දෙකඩ වීම වැළැක්වූයේ මමයි ජවිපෙයි එක්වෙලා…! – ඇල්ලේ ගුණවංශ හිමි…

June 26, 2021 at 6:03 pm | by emanisa.lk

සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව සිදුකරන විරෝධතා සටන් ලෙස හැඳින්විය නොහැකි බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

“මම නම් ඒවා සටන් විදිහට සලකන්නේ නෑ. ඒවා සටන් ද? සටන් කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණෙන් උපදෙස් ගත්තට කමක් නෑ. බලන්න ඒ හඬ ඒ පිළිවෙළ. ඒ ක්‍රමානුකූලභාවය.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ගොඩනඟන්න අපි එක්ක ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණා. එදා අපට මේ රට දෙකට බෙදෙන එක වළක්වා ගන්න පුළුවන්කම ලැබුණේ ජනතා විමුක්ති පෙරමුණ නිසයි.”

හිරු රූපවාහිනී නාළිකාව සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් එහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *