සජිත් රුවන්වැලිසෑය හදන්න පෞද්ගලික කොම්පැනියකට දෙයි! ජාතියේ මුදුන්මල්කඩට කණකොකා හඬද්දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මර නින්දේ! (video0)

October 19, 2019 at 1:17 pm | by emanisa.lk

අනුරාධපුර රුවන්වැලි දාගැබ ප්‍රතිසංස්කරණය මුවාවෙන් යම් අකටයුත්තක් සිදුවන බව ජාතික උරුමයන් සුරකීමේ සම්මේලනය පවසයි.

‍කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද සදහන් කළේ දාගැබේ සිදුවන ප්‍රතිසංසකරණ කටයුතු සැක සහිත බවයි.

මෙම ප්‍රතිසංස්කරණ කටුයුතු සිදුකරනු ලබන්නේ විශ්ව පාරමී නැමති පෞද්ගලික ආයතනයක් බවත් මෙහි සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාදී තිබෙන නිර්දේශ වලට ද පටහැනිව සිදු වන බවද ඔහු පෙන්වා පෙන්වා දුන්නේය.

මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් රුවන්වැලි මහා සෑයේ චෛත්‍ය ඝර්භයට / පේසා වලලුවලට දැඩි හැනි සිදුවන බවත් මේ වන විටද එවා හානියට පත්ව තිබෙන බවත් ඡායාරූප සහිතව එතුමන් පෙන්වා දෙන ලදී.

මේ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේනතුවෙන් විමසූවිට එහි අධ්‍යක්ෂජනරාල් මෙම සිදුවීම නිර්ලජ්ජිත ලෙස මගහරමින් තිබෙන බව ද සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සදහා නීතීඥ නුවන් බැල්ලන්තුඩාව සහ මහාචාර්ය ක්ෂණිකා හිරඹුරේගම ඇතුලු පිරිසක් සහභාගී වූහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවතින්නේ සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස යටතේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස