සජිත් මං ගැන බොරු කියලා සිංහල ඡන්ද ගන්න හදනවා! එයාගේ තාත්තා කොටින්ට දුන්න ආයුධයි සල්ලියි භාර ගත්තේ මං! – කරුණා

June 26, 2020 at 10:25 pm | by emanisa.lk

තමාට විරුද්ධව සිංහල ජනතාවගේ සිත් තුළ වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගීමට සජිත් ප්‍රේමදාසට අවශ්‍යව ඇති බවත් එමඟින් සිංහල ජනතාවගේ ඡන්ද ලබා ගැනීමට ඔහු උත්සාහ කරන බවත් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද (26) තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.

ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ තමාට අවි ආයුධ සහ මුදල් ලැබුණු බවත් එම අවි ආයුධ භාර ගත්තේ ද තමන් විසින් බවත් විනයාගමූර්ති මුරලිදරන් අනාවරණය කළේය.

එසේම තමන් කිසිවිටෙකත් යුද හමුදාවට අපහාස වන ආකාරයෙන් කතා නොකළ බව ද ඔහු සඳහන් කළේය.

ගලබොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙනයනු ලබන වැඩපිළිවෙළ තමන් අගය කරන බවත් හෙතෙම පැවසීය.

එසේම ඉදිරි මහ මැතිවරණයෙන් ජය ලබා තමන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

දෙරණ රූපවාහිනියේ “මොකද වුණේ” වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස