සජිත් පිළ එජාපයේ බලය අල්ලන්න සූදානම්! බැරි වුණොත් සජිත්ගෙන් අලුත් පක්ෂයක්!

November 20, 2019 at 8:39 am | by emanisa.lk

ජනාධිපතිවරණය වැඩි ඡන්ද ලක්ෂ 15කින් පරාජයට පත් වූ එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම එජාප බලය ඇල්ලීමේ මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වෙයි.

මේ වන විටත් නලින් බණ්ඩාර වැනි පිරිස් ජනාධිපතිවරණයේ පරාජය රනිල් වික්‍රමසිංහ පිලට පවරමින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ආරම්භ කර ඇති අතර සජිත් පිල විවිධ ස්ථානවල එකතු වී සිය සැලසුම් සකසන බව වාර්තා වෙයි.

අද (20) සිරිකොත දී සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති හමුව ද එහි කොටසක් බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස නෙරපා එජාපයේ බලය ඇල්ලීම සජිත් පිලේ මූලික ඉලක්කය වී තිබේ. එහෙත් එය අසාර්ථක වන්නේ නම් එජාප පාක්ෂිකයන්ගේ අනුකම්පාව සජිත් ප්‍රේමදාසට හිමිව ඇති මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඔහුගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස