සජිත් පිලේ ඇමති අජිත් පී. සහ සුජීවගේ ෆයිල් ආණ්ඩුවේ ප්‍රබලයා විපක්ෂයට දෙයි! සියලු චෝදනා සාක්ෂි සහිතව විපක්ෂය අතේ!

August 29, 2019 at 5:28 pm | by emanisa.lk

අජිත් පී. පෙරේරා හා සුජීව සේනසිංහ යන කැබිනට් නොවන ඇමැතිවරුන් බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ ආකාරය හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් අයුරු සම්බන්ධ ලිපි ගොනු දෙකක් තමන් අතට ලැබුණ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.

ආණ්ඩුවේ ම පුද්ගලයකු විසින් තමන්ට මෙම තොරතුරු සහිත ලිපි ගොනු ලබාදුන් බවද ඔහු හෙළිදරව් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප‍්‍රතිචාර චක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

රනිල් පාර්ශවය විසින් සජිත් පාර්ශවයේ ඇමතිවරුන් දෙදෙනෙකුට එරෙහිව අගමැති කාර්යාලයට ලැබී තිබුණු දුෂණ වංචා චෝදනා සහිත ලිපි ගොනු දෙකක් විපක්ෂයට ලබා දුන් බව මෙයට පෙර වාර්තා විය.

මේ වන විට පක්ෂ නායකයා විවේචනය සහ පක්ෂ විනය කඩකිරීම යන චෝදනා යටතේ මොවුන් දෙදෙනාට එරෙහිව පක්ෂ නායකයා විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස