සජිත්, පාඨලීට කිසිදු තනතුරක් නොදෙයි….! පොදු අපේක්ෂකයින්ටත් දොර වහයි…! පාඨලී හමුව මග හරියි…!

February 27, 2021 at 9:17 am | by emanisa.lk

සමගි ජන බලවේගය මාර්තු මස 03 වැනිදා සිට හරිත පක්ෂයක් බවට පත් කෙරෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (26) පැවැති එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පවසා ඇත.

පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ දී ඊයේ සවස පැවැති එම රැස්වීමේ දී ස.ජ.බ.ය පරිසර හිතකාමී දේශපාලන පක්ෂයක් බවට පත් කරන බව ද හෙතෙම කියා තිබේ.

මේ අතර මින් ඉදිරියට පිටින් ගෙන එන පොදු අපේක්ෂකයන් ජාතික මැතිවරණවලට ඉදිරිපත් නොකරන බවත්, පක්ෂය මුල්කරගත් වැඩපිළිවෙළක් හදන බවත්, සජිත් ප්‍රේමදාස පවසා තිබේ.

පොදු අපේක්ෂකයන් පිටින් ගෙනත් පාඩම් ඉගෙනගත් නිසා ඉදිරියේ දී එය සිදු නොවන බවත් ඔහු මෙහි දී ප‍්‍රකාශ කර ඇත.

මේ අතර එම පක්ෂයේ ප‍්‍රථම සංවත්සරය ලබන 15 වැනිදා හයිඩ් පාර්ක් පිටියේ දී පැවැත්වීමට ද ඊයේ තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය පක්ෂයේ ඊයේ පැවැතියේ එම පක්ෂයේ දෙවැනි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමය. ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පාඨලී චම්පික රණවකට ඊයේ දින පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී පක්ෂයේ තනතුරක් ලබා දීමට නියමිත වුවද එවැන්නක් ඊයේ දින සිදු නොවූ අතර ඔහු ඊට සහභාගි වී සිටියේ ද නැත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *