සජිත් පාඨලීට අල්ලපු අත්තත්යි පය ගහපු අත්තයි දෙක ම නැති කළා…! එහෙම කරන එක වැරදියි….! – මනෝ ගනේෂන්…

June 16, 2021 at 3:28 pm | by emanisa.lk

සමගි ජන බලවේගය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට තනතුරක් නොදීම අඩුපාඩුවක් බව මනෝ ගනේෂන් පවසයි.

“චම්පික රණවක විපක්ෂයේ ප්‍රධාන චරිතයක්. ඔහුට සුදුසු අවස්ථාව තවමත් සමගි ජන බලවේගය තුළ ලැබිලා නැහැනේ. එයාගේ පක්ෂය වන හෙළ උරුමය අත්හැරලා සමගි ජන බලවේගයට ආවා. සමගි ජන බලවේගය තුළ චම්පිකට සුදුසු තැන දීලා නැහැ.

මමත් කිහිප වතාවක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග කතා කරලා තියෙනවා. ඔහු කීවා චම්පික රණවක එක්ක සාකච්ඡා කරන්න කමිටුවක් දාලා තියෙනවා. ඒකේ ප්‍රධානියා රංජිත් මද්දුමබණ්ඩාර. ඒ අනුව සාකච්ඡා කරනවා කියලා.

මම ඒක චම්පික රණවක මහතාගෙන් විමසුවා. චම්පික කීවා එක පාරක් කතා කළා මනෝ. ඊට පස්සේ එතැනින් එහාට ඒ සාකච්ඡාව ගියේ නැහැ. ඒක අත්හැරලා දැම්මා කියලා. ඒ අනුව ඔහුට තවමත් තැනක් ලැබිලා නැහැ. ඒක තමයි සමගි ජන බලවේගය තුළ තියෙන ප්‍රධාන ප්‍රශ්නය.”

සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස