සජිත් ප්‍රේමදාසට දැවැන්ත ජනවරමක් තියෙනවා…! – ගම්මන්පිල…

June 13, 2021 at 7:32 am | by emanisa.lk

හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට ජනාධිපති සිහින දැකීමට පෙර මන්ත්‍රී පුටුව රැක ගැනීමේ සිහිනය දකින ලෙස තමා ආරාධනා කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

පසුගිය මැතිවරණයේ දී තව මනාප 5000ක් අඩු වූයේ නම් පාඨලී චම්පිකට මන්ත්‍රී ධූරය ද අහිමි වන බව ගම්මන්පිල පෙන්වා දෙයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මනාප ලක්ෂ 3ක් ලබා ගන්නා අවස්ථාවක පාඨලී චම්පිකට හිමි වූයේ මනාප 62 000ක් පමණක් බව ද හෙතෙම අවධාරණය කරයි.

විපක්ෂයේ දැවැන්තම ජනවරම ඇත්තේ සජිත් ප්‍රේමදාසට බව අප කැමැති වුව ද අකමැති වුව ද පිළිගත යුතු බව ද ගම්මන්පිල ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *