සජිත් ප්‍රවර්ධනය කරමින් රුසියානු තානාපති දයාන් මැතිවරණ නීති කඩනවා! – මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

October 31, 2019 at 2:20 pm | by emanisa.lk

සජිත් ප්‍රවර්ධනය කරමින් රුසියානු තානාපති දයාන් මැතිවරණ නීති කඩනවා! – මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

දේශපාලන වරප්‍රසාද භූක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියකු වන රුසියානු තානාපති දයාන් ජයතිලක සිය ෆේස්බුක් ගිණුම භාවිත කරමින් එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රවර්ධනය කරන බව ජාතික මැතිවරණ නිරීක්ෂණය මධ්‍යස්ථානය චෝදනා කරයි.

එහි සභාපති නීතිඥ රසංග හරිස්චන්ද්‍ර නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ ආයතන සංග්‍රහයේ නීතිරීති අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා වෙනුවෙන් නිතීඥ අනුරාධ සෙනරත් වේරගොඩ රුසියානු තානාපති දයාන් ජයතිලක වෙත යවන ලද එන්තරවාසියක් මගින් ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් අසත්‍ය චෝදනා නඟමින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කටයුතු කරන බව පෙන්වා දී තිබේ.

එසේම මෙම නීති විරෝධි ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එමගින් දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස