සජිත් පන්නා එජාප නායකත්වය ඩැහැ ගන්න පාඨලීගෙන් මෙහෙයුමක්!

November 24, 2019 at 11:56 pm | by emanisa.lk

එජාප නායක රනිල් විකමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර ගැටුමක් නිර්මාණය කර සජිත් ප්‍රේමදාස එජාපයෙන් පන්නා නායකත්වය ඩැහැ ගැනීමේ සූක්ෂ්ම මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ පිටුපස සිටින්නේ පාඨලී චම්පක රණවක සහ සරත් ෆොන්සේකාය. මේ සඳහා මාධ්‍ය ආයතන කිහිපයක සහාය ලබා ගැනීමට මොවුන් උත්සාහ කර ඇති අතර රනිල් හිතවාදීන් ලෙස පෙනී සිටිමින් ඔහුගේ ආශීර්වාදය ලබා ගැනීමට ද උත්සාහ කරන බව සඳහන් ය.

ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලතම පුද්ගලයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මතු වීම නොවැළැක්විය හැකි බවත් ඊට මුහුණ දිය හැක්කේ තමන් වැනි ජාතිකත්ව පදනමක් සහිත අයකුට පමණක් බවත් මොවුන් සිය හිතවතුන්ට පවසන බව ද පැවසෙයි.

කෙසේ වුවද එජාප පසුපෙළ පවසන්නේ සිය පක්ෂයේ ඊළඟ නායකයා ලෙස පත්වීමේ උරුමය ඇත්තේ සජිත් ප්‍රේමදාසට බවත් පක්ෂයට උඩින් පාත් වූ කිසිවකුට එම අවස්ථාව උදුරා ගැනීමට ඉඩ නොතබන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස