සජිත් නෑ.. අනුර තනියම විවාදයට…!

June 7, 2024 at 9:13 am | by emanisa.lk

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර ඊයේ (06) පැවැත්වීමට යෝජනා කළ විවාදය සඳහා ස්වාධීන රූපවාහිනී සේවයේ තුලාව වැඩසටහන සඳහා අනුර කුමාර දිසානයක පමණක් පැමිණියේය.

සමගි ජන බලවේගය ස්වාධීන රූපවාහිනී සේවයට ඊයේ සවස දැනුම් දී තිබුණේ, ආර්ථික කමිටු විවාදය පළමුවත් නායකත්ව විවාදය දෙවනුවත් පැවැත්වීමට සමගි ජන බලවේගයෙන් පූර්ව කොන්දේසියක් තිබූ බවයි.

ඒ අනුව, අනුර කුමාර දිසානායක පමණක් සහභාගී වන තුලාව වැඩටසටන විකාශය වූ අතර සජිත් ප්‍රේමදාස පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් එහි අසුනක් හිස්ව තබා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *